Wednesday, January 29, 2014



නූර්තියේ පිරිහීම


නූර්ති ප්‍රථම සිංහල නාට්‍ය කලාවක් ලෙස ආරම්භ වී කාලීන  ජාතික ප්‍රබෝධය දැල්වීම සදහා උපයෝගී

 කරගත් මෙවලමක් ලෙස වට්කාකමක් ඇතත්, කෙටි කාලයකින් එය පිරිහී යාමට එම සම්ප්‍රධායෙහි පැවති 

දුර්වතාම හේත වූ බව කිව හැක. මහාචාර්ය එදිරිවීර සචච්චන්ද්‍රයන් නුර්ති පිළිබද ගණදොස් විමසමින්

 කරුණු කිහිපයක් දක්වා ඇත. ඒවා මෙසේ සාරාංශ කල හැකිය.


1 භාරතයේ නූතන නගරවල විසූ බින්න රුචික ප්‍රේක්ෂකයින්ගේ විනෝද මාර්ගයක් ලෙස වැඩුනු සංතර කලාවක් ආදර්ශ කොට හැඩ ගැසීමට සිදුවීම සිංහල නූර්තියේ ප්‍රථම  අභාග්‍ය විය.


2 නූර්ති ක්ෂේත්‍රෙයේ ලේඛකයන් අතර නාට්‍ය සන්දර්භය පිළිබද හසල බුද්ධිවකින් යුත් රචකයන් දුර්ලභ වීම.


3එතෙක් නාඩගමෙහි තිබූ සුවිශේෂි නාට්‍ය ධර්මී රංග ශෛලිය ඉවත් කර සියල්ල තත්වාකාරටයන් නිරූපණයට සැලසුම් කිරීම.


4 ගද්‍ය සංවාද මෙන්ම ගීත ගායනයේදී කිසිදු රීතියක් අනුගමනය නොකොට දෙවර්ගයේම සංකලනයෙන් අසංවිහිතව ඉදිරිපත් කිරීම


5 කථාව ඉදිරිපත් කිරීමට මිස මනා වූ නාට්‍යමට අවස්ථා ඉස්මත වන ආකාරයට පෙළ රචනා නොවීම.


6 නාට්‍ය රසය විසිරී යන අයුරින් අනවශ්‍ය ලෙස ජවනිකා යොදා ගැනීම

7 අනුවිත ලෙස ගී සින්දු බහුලව යොදා ගැනීම සහ නාට්‍ය රසයට වඩා ගීත රසය ඉස්මතු වීම

8 සමකාලීනව විචාරවත් රසික පිරිසක් නොසිටීම.
 

මීට අමතරව

I.    අනවශ්‍ය ග්‍රාම්‍ය විහිළු යොදා ගැනීම.

II.    නූර්ති නිර්මාණය කිරීම, එක් එක් සමාගම් යටතේ තරගකාරීව සහ වාණිජ පරමාර්ථයේ සිදුවීම නිසා ප්‍රධාන නාට්‍යකරුවන් අතර ඇතිවූ භේදකාරී තත්වය නිසා එය  ඉදිරියට පවත්වාගෙන යා නොහැකි වීම.

III.    ද්වී භාෂිත මධ්‍යම පන්තියක් විසින් පවත්වාගෙන ගියත්     මෙම නාට්‍ය කලාව ඔවුන් වීසින්ම ප්‍රතික්ෂේප කිරීම.

IV.    ඉංශ්‍රීසි  පාලකයන්ගෙන් මෙම නාට්‍ය කලාවට කිසිදු අනුග්‍රහයක් නොලැබීම.

              යන සාධක නූර්ති කලාව පිරිහීම කෙරෙහි බලපෑ සාධක ලෙස හදුනාගත හැකිය.


 

නූර්ති සංගීතයේ ලක්ෂණ දරන ගීතයක ස්වර ලිපි



            1          2          3                                         4          5          6

             -            -          ස                                ම       ග       ම

             -            -      බැන්                                       දෙ        ම         ට

            ප       ධ       නි                                 ධ       ප       -


            ආ         -           -                                          ද          ර          - 

            -        -        ප                                  ධ       ප       ධ

            -           -           සුන්                                     ද්‍ර          චො      ලි


            නි       ස       -                                  නි       ධ       -

            රැ         -           -                                           බ         ර          -

            -        -        ධ                                  නි       ධ       ප 

            -           -           ඇයි                                      ද          ප          මා

            ම       ප       -                                   ම       ග       - 

            මේ       -           -                                          ලෙ       ද          -

-                -       රි                                  ග      රි        ග

-                -           ඒ                                          -          වි          ද

            ම       ප       -                                   ග       ම       - /

            නේ      -           -                                           වි          ද          - /







 නූර්ති ගීතයක් 

 ජෝන් ද සිල්වාගේ වෙස්සන්තර  නාට්‍යය ඇසුරිනි.

වෙස්සන්තර :   මගේ මන්ද්‍රි නම් බිසෝගේ 

                        යාඥාව බෝය වේගේ 

                        තෙක් චන්ඩ ව්‍යාග්‍ර වාසේ 

                        හිමාල දේස දේවී

                        හාමත්ව ඉන්ට වේ  මැයි

        බෝ දුක් විදින්ට වෙන්නේ

       නවතින්න මාළිගාවේ
 
        සීදේවි නොඑනු මාගේ 


මන්ද්‍රි බිසෝ :     ගෙයි පාන නෑ ගියෝතින්

                        මම අන්ධතාරෙ ඉන්නෙම්

                        මා බැන්ද පෙම්බරාගේ

                        ඒ වාසේ මාගේ වාසේ

                          
                       බෝ චන්ඩ ව්‍යාග්‍ර ආදී

                       උන්නත් හිමාල දේසේ

                       එමි ස්වාමි එක්ක නික්මී

                       ඒ ජීවිතේට පේවී