Sunday, January 26, 2014


 නූර්ති නාට්‍ය කලාවේ පුරෝගාමියෝ


බස්තියන් ජයවීරයන්ගේ නූර්ති
නූර්තිය
නිර්මාණය වූ වර්ෂය
රොම්ලින්
1884
රෝමියෝ සහ ජුලියට්
1884
ප්‍රෑන්ක්ලෝ සහ ඉංගර්ලි
1884
පෝටියස් සහ වැලන්ටයින්
1884
ලියොනයින් සය එම්ලින්
1885
සිංහබා
1888
සුදාස සහ ශාලනී
1888
ෂූලා හෙවත් කපටි බෑනා
1898
ස්වර්ණතිලකා
1898
දිනතර

 
බස්තියන් ජයවීරයන්ගේ නූර්ති දෙස සමස්තයක් ලෙස බලන කල සමකාලීනව ජනප්‍රිය වූ ශේක්ෂ්පියර් ප්‍රමුඛ යුරෝපීය නාට්‍ය කරුවන්ගේ  නිර්මාණවල මෙන්ම ඉන්දීය කථා වල ආභාෂය ලබා ගනිමින්  තරුණ තරුණියන් මෙන්ම විවාහ ගිවිසගත් පුරුෂයන් හා කාන්තාවන් අතර ඇති වන්නාවූ විවිධ ප්‍රේම කථා හා ඒවා සමල බැදුණු, විරැද්ධ බලවේග , අනපේක්ෂිත සිදුවීම් ආදියෙන් යුත් රොමෑන්ටික් නාට්‍ය රචනා කිරීමට  ඔහු යොමු වූ බව  පෙනේ. මේ වන විට උඩරට නාගරික සිංහලයන් අතර මෙම ප්‍රවනතාව ජනප්‍රියව පැවතීම නූර්ති තලාව ව්‍යාප්ත වීමට හේත විය. මුල් නූර්ති වලින් ලාංකික සංස්කෘතිය පිළිබිඔූ  නොකරන බවටත් සංකර දුර්වල නාට්‍ය වර්ගයක් ලෙසටත් විවේචන එල්ල විය.

ජෝන් ද සිල්වා 

දොන් බස්තියන් ජයවීර  නාට්‍ය ශිල්පියාගේ පසුව නූර්ති කලාව සමග වැඩුණු සිංහල නාට්‍ය සංස්කෘතියේ ප්‍රවර්ධනය සදහා කැප වූ  ප්‍රධාන ශිල්පියා වන්නේ ජෝන් ද සිත්වා මහතාය. නූර්ති කලාව සිංහල නාට්‍ය කලාවේ නාට්‍ය ආකෘතිය මෙන්ම සංගීත කලාවක් පිළිබද බලපෑමක් ඇති කිරීමට මුල් වූයේ ජෝන් ද සිල්වාගේ  නූර්ති නාට්‍ය නිෂ්පාදනවල ප්‍රබෝධයයි. 

 ඔහුගේ නූර්ති රංග සම්ප්‍රධායෙහි සුවිශේෂී   ලක්ෂණ රාශියකි. 

1 සංස්කෘත රංග කලාවේ ආවේනිකලක්ෂණ යොදා ගැනීම.

2 පාරම්පරික දේශීය සංස්කෘතික උරැමයන් පාදක කොටගැනීම.

3 සිංහල  භාෂාව, සාහිත්‍ය පෝෂණය මගින් දේශීය චින්තනයක් දැල්වීම 

4 මනෝ ලෝකයෙන් ඈත් කරවන්නාවූත් , පියවි ප්‍රේක්ෂක  කතහලය හා රසය ජනනය කරන්නාවූත්, කථා පුවත් තෝරා ගැනීම 

5 ප්‍රබල චරිත නිරූපන ආදර්ශ කොට ගැනීම.

මෙබදු ලක්ෂණ වලින් හෙබි ජෝන් ද සිල්වාගේ නාට්‍ය නිර්මාණ මහාචාර්ය විමල් දිසානායකයන් විසින්  කොටස් පහකට වර්ග කොට  දක්වයි.


1 ලංකා ඉතිහාසය පදනම් කොටගත්  නාට්‍ය
       I.         දස්කොන්

     II.         පරංගි හටන

   III.         සිරිසගබෝ චරිතය

   IV.         උුටුගැමුණු චරිතය

     V.         අලකේශ්වර චරිතය

2 සාම්ප්‍රධායික බෞද්ධ කථා ඇසුරැ කරගත් නාට්‍ය
                I.         වෙස්සන්තර ජාතකය  දෘෂ්‍ය කාව්‍ය

                II.          කුස ජාතක දෘෂ්‍ය කාව්‍ය

               III.         විධුර ජාතක දෘෂ්‍ය කාව්‍ය


3 චිරන්තන සංස්කෘත සාහිත්‍ය ඇසුරැ කරගත් නාට්‍ය
                  I.          සීතාභරණ

                 II.         ශකුන්තලා නාට්‍යය

                III.         රත්නාවලී නාට්‍යය

                 IV.         නාගානන්ද නාට්‍යය

                 V.          උත්තරරාම චරිතය



4 ඉංශ්‍රීසි නාට්‍ය වල අනුවාද
                 I.         ඔතැලෝ

                 II.         හැම්ලට්

                III.         වැනිසියේ  වෙළෙන්දා

5 කාලීන සමාජ අත්දැකීම් පදනම් කොටගත් නාට්‍ය
                   I.         පරාභව නාටකය
                 II.        මරණානුස්මති ප්‍රකරණය
                III.         සිංහල භාෂා ප්‍රකරණය

 

















2 comments:

  1. hemoma amathaka karala inna kalakaruwo oya mathak karala dena 1ka hoda wedak

    ReplyDelete
  2. me vage topic gena thavath thorathuru soyanna.

    ReplyDelete