නූර්ති යුගයේ නළු කලාව
සිංහල නාට්‍ය වංශයේ රංගන ශිල්පීන්
පිළිබද නාඩගම් කලාවෙන් ලැබෙන තොරතුරු අල්පය. නාට්‍ය රචකයන් මිස නළු කලාවන් පිළිබද
මේ සමයේ විශේෂ අවධානයක් යොමුවූ බව නොපෙනේ.
සිංහල නාට්‍ය කලාවේ නළු කලාවක් ඉස්මතු වන්නට පටන් ගනු ලැබුවේ නූර්ති
යුගයේදීය. එදා පිරිසිදු ලිඛිත සාක්ෂි සහිතව නාට්‍ය පිටපත් සමග ඉදිරිපත් වූ නළු නාම ලේඛන පිළිබද
තොරතුරු අප්‍රකටය. කෙසේ උවද සමකාලීන නූර්ති රචකයන් හා රංග ශිල්පීන් පිළිබද වෙනත්
වාරතා වල තොරතුරු දක්නට ඇත. මෙකල විසූ ප්‍රධාන නළුවන් අතර ,
I.වී.තී.ජී. මර්තේලිස් ප්‍රේරා
II.එම්. ඩබ්. ජේමිස් ප්‍රේරා
III.ලෝරන්ස් ප්‍රේරා
IV. ඩී. බර්තොලොමියුස්
V. ආර් එඩ්වින් ප්‍රේරා
VI. ඕදිරිස් අප්පුහාමි
VII. ජෝගි පෑලිස්
විකට නළුවන් ලෙස
I. ජෝන් ප්‍රේරා
II. මාටිනස් ප්‍රේරා
III. රොමානිස් ප්‍රේරා
IV. මයිකල් පෙරේරා
V. අර්නෝලිස් අප්පුහාමි
කාන්තා චරිත නිරූපණය කල නළුවන් අතර
I. ඇන්ඩෘ පෙරේරා
II. පර්සි පෙරේරා
III. එච්. ඒ මාර්ෂල් පෙරේරා
IV. ඩබ්. සිල්වෙස්ටර්
V. එස්. බී රෙජිනෝල්ඩ් පෙරේරා
අවසාන අවධියේ එනම් 1911 පසු කෙලින්ම කාන්තා චරිත නිරූපණය කල නිළියන් අතර,
I. ලක්ෂ්මි බායි
II. සෝම කාන්තා
III. නෝනා සුබේයි
IV. ඇනී බොතේජු
V. සරස්වතී බායි
VI. පර්ල්
දිසානායක
ආදී නූර්ති නළු නිළියන් වැදගත් තැනක් උසුලයි.
wisthara kirima madi
ReplyDeleteimages ekathu karanna.naluwange visthara at karanna.letter eka develop karanna.
ReplyDeleteparana kalakaruwo gena me widihata hari mathak karana 1ka godak hodai
ReplyDelete