skip to main | skip to side
නූර්තී නාට්‍ය කලාව
ශ්‍රී ලංකාවේ වර්තමාණයේ අප වේදිකාවේ දකින නූතන නාට්‍ය මෙතෙක් ආ ගමන් මග දෙස නැවත බැලීමේ දී සන්ධිස්ථාන රැසක් පසුකල බව අප දන්නා කරුණකි. ශාන්තිකර්ම වලින් ආරම්භ වන අප නාට්‍ය කලාව මෙතෙක් පැමිණිමේදි පසුකල එක් සුවිශේෂී සන්ධිස්ථානයකි නූර්තී නාට්‍ය කලාව. 1750 දී පමණ ලංකාවේ නාඩගම් යැයි තරමක් දියුණු නාට්‍ය කලාවක් ඇරඹුණි. නමුත් මෙහි පැවති යම් යම් අඩු පාඩු හේතුවෙන් ජනතාව කෙමෙන් එයින් දුරස් වන්නට විය. කෙසේ වෙතත් මෙම නාඩම් නාට්‍ය එදා ජනයා අතර ඉතාමත් ජනප්‍රියව පැවති බවනම් නොරහසකි.
කාලයාගේ ඇවෑමෙන් ඉංදියාවේ සංචාරය කරමින් සිටි පාර්සි ජාතිකයෙකු බලිවාලා නැමැත්තාගේ නාට්‍ය කණ්ඩායම 1877 දී ලංකාවට සේන්දු වී එකල පිටකොටුවේ පැවති ෆ්ලවර් හෝල් ශාලාවේ තම නිර්මාණ තෙමසක් පුරා පෙන්වා ඇත. ඔවුන් පෙන්වු නාට්‍ය වුයේ ඇලඩිං, ඔතැලෝ, හරිස්චන්ද්‍ර, අරාබි නිසොල්ලාසය ආදියයි. මෙම රංග ශෛලිය නුර්ති නමින් හඳුන්වන ලදි. මෙම නූර්ති යන වචනය විග්රහ කිරිමේදි මෙම වචනය සංස්කෘත භාෂාවේ නෘත්ත යන පදයෙන් බිඳි ආවක් සේ සැලකේ. නෘත්ත යනුවෙන් හඳුන් වන්නේ අදහස් ප්‍රකාෂ කිරීම සදහා යොදාගන්නා නර්තනයයි. අප නාට්‍ය කාලාවේ සුව්ශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මේ ආකාරයට නුර්ති නාට්‍ය ලංකාවේ ආරම්භය සිදු වෙයි.
බලිවාලා ඇතුළු පිරිස මෙසේ නාට්‍ය පෙන්වන විට ජනතාව එම නාට්‍ය කරා ඇදි එන්නට විය. එමෙන්ම මෙම නාටය නැරඹූ උගත් බුද්ධිමත් පිරිස මෙවා ආශ්‍රයන් දේශිය නූර්ති නිර්මාණය ඇරඹීය. ලංකේය නාට්‍ය වංශයේ මුලින්ම හමුවන දේශීය නූර්ති නිර්මාණ ශිල්පියා වන්නේ C. දොන් බස්තියන් මහතාය. ඒ මහතා ලංකාවේ ප්‍රථම නූර්තිය වන "රොලීනා" නැමති නූර්තිය රචනා කරමින් එම ගෞරවය හිමි කර ගත්තේය. මෙය 1978 දී පමණ රචනා විය. එතැනින් නොනැවතුනු එතුමා තවත් නිර්මාණ රැසක්ම අපට දායාද කරන ලදි. එනම් රෝමියෝ ජුලියට්, පණ්ඩුකාභය, සිංහ බාහු, ස්වර්ණ තිලකා, පද්මාවතී හා ශ්‍රි වික්‍රම රාජසිංහ ආදි නිර්මාණයි.
මෙසේ ළදරු වියේ පැවති නූර්ති නාට්‍ය කලාව අප නිර්මාණ කරුවන් අතට පත් වීමත් සමඟ එය උස්මහත් කිරීමට වෙහෙස දැරු තවත් නිර්මාණ කරුවන් රැසක්ම අපට හමුවෙයි. මුල්ම නූර්ති නිරිමාණ කරුවා C. දොන් බස්තියන් මහතා වුවත් ජනප්‍රියම නූර්ති නාට්‍ය කරුවා වන්නේ නීතීඥ ජෝන් ද සිල්වා මහතාය. ලංකා නාට්‍ය කලාවේ පියා ලෙසද මෙතුමා සලකනු ලැබේ. පරදේශිය ගතිගුණ විවේචනය කරමින් ලාංකික ජනයා තුළ දේශාභිමානි හැගීම් අවුලවා ලීම සදහා මෙතුමා නිර්මාණකරනයේ යෙදුණි. මොහුගේ නිර්මාණ අතර රාමායණය, සිරිසඟබෝ, දස්කොන්, පරංගි හටන හා වළගම්බා යන නිර්මාණ කැපි පෙනෙයි.
මෙසේ මෙම නාට්‍ය කලාව ලංකාවේ මුල්බැස ගැනීමත් සමඟම තව තවත් ව්‍යාප්ත වන්නට වු අතර ඒ සදහා අවශ්‍ය පසුබිම ලංකාව තුළ නිර්මාණය වන්නටද විය. ඒ වන තෙක් පැවති ගැමී නාට්‍ය ආදිය පෙන්වීමට නිශ්චිත තැනක් නොතිබුණු නමුත් නූර්ති පෙන්වීම සදහා ස්ථාවර රංඟ ශාලා අවශ්‍යවු බැවින් තැන තැන ස්ථාවර රංඟ ශාලා ඉදිවන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1911 දී නූර්ති සමග බිහිවු ප්‍රථම රඟහල ලෙස ටවර් හෝල් රඟහල ඉදිවුණි. මෙම රඟහල තුළ චාල්ස් ඩයස් මහතාගේ සියළුම නූර්ති පෙන්වන ලදි.
අප මෙතෙක් කථා කලේ නූර්තිය ආරම්භය ගැනයි. දැන් අප මෙම නූර්ති නාට්‍ය රංඟ ශෛලියේ විශේෂ ලක්ෂණ ගැන සලකා බලමු. ඉහත සාකච්ඡා කල කරුණු අනුව මෙතෙක් පැවති අපේ ගැමි නාට්‍ය නව මුහුණුවරක් ගනු ලබන්නේ නූර්ති පැමීණිමත් සමගය. මෙයට හේතුව ලෙස මා දකින්නේ මෙම නාට්‍ය කලාවටම ආවේනික වු රංග ශෛලියක් පැවති නිසා යැයි මට හැගේ. ඉඳින් අප එම සුවිශේෂි රංඟ ශෛලිය කුමක්දැයි විමසමු.
මෙතෙක් පැවති සෑම ගැමි නාට්‍යයකම පෙන්වනු ලබන්නේ කමත හෝ ඒ සඳහා විශේෂයෙන්ම සුදානම් කල එළිමහන් භූමියකය. මෙය ප්‍රේක්ෂක රසවින්දනයට යම් බලපෑමක් කල බව නිසැකය. නමුත් නූර්ති පෙන්වනු ලැබූවේ ස්ථාවරව ගොඩනැගූ ගෘහස්ථ රංග ශාලාවක හතරැස් වේදිකාවක් මතය. මේහි රූපණයේ යෙදෙන විට ප්‍රේක්ෂකයන් සිටින්නේ ඉදිරියෙන් පමණි. නමුත් කමත වැනි තැනැක රූපණය කරන විට ප්‍රේක්ෂකයන් වටේම හෝ තුන් පැත්තක වාඩි ගනියි. මෙය ප්‍රේක්ෂකයාට මෙන්ම නළුවාටද තම කාර්යය නිසියාකාරව සිදුකර ගැනීමට බාධාවක් විය හැක.
එසේම සොකරි, කෝළම් වැනි ගැමි නාට්‍ය වල දී වේදිකා පසුතල භාවිත නොවීය. නාඩගම් වලද සැලකිය යුතු පසුතල භාවිත වූයේ නැත. නමුත් නූර්ති සඳහා විචිත්‍ර ලෙස නිර්මිත වේදිකා පසුතල සහිත තිර රෙදි භාවිත කරන ලදී. උදාහරණ ලෙස සිරිසඟබෝ නූර්තියේ අනුරාධපුර දර්ශණයක් සඳහා චෛත්‍යක් හා ගල්කණු කිහිපයක් ඇඳ ඇති ඉතා අලංකාර වේදිකා පසුතල තිරයක් භාවිතයට ගැණින.
එමෙන්ම මොතක් පැවති අපේ ගැමිනාට්ය වල සංවාද කවි ගායනා වල ස්වභාවයක් ගෙන තිබුණි. නමුත් නූර්ති වලදි මෙම ස්වභාවයෙන් මිදී සංවාද පද්‍යමය ස්වරූපයක් ගනු ලැබේ. මෙය ජනතාවට නවතම අත්දැකිමක් විය.
තවද නූර්ති නාට්‍ය කලාව ගැන කතා කිරිමේදි එහි රංග ශෛලීයේ එක් අංගයක් ලංකා නාට්‍ය ඉතිහාසයේ ඉතිහාස ගත වෙනසක් ඇති කරන ලදි. එනම් මේ වන තෙක් නාට්‍ය සදහා රංගනයෙන් දායක වුනේ පිරිම්න් පමණකි. ස්ත්‍රී චරිතද නිරූපණය කලේ පිරිමින් විසින්මය නමුත් නූර්ති වෙදිකා ගත වන විට මෙම සම්ප්රදාය බිදිම්න් ස්ත්‍රී චරිත ස්ත්‍රීන් විසින්ම රඟපාමින් අප නාට්‍ය ඉතිහාසයේ මුලින්ම කාන්තාවන් රංඟනයට ප්රවිෂ්ඨවීම සනිටුහන් කරන ලදි.
නූර්ති රංග ශෛලියේදි කවට චරිතයක් හදුන්වාදෙනු ලැබීය නාඩගම් වලදි පොතේ ගුරු හෝ කටේ ගුරු වශයෙන් ස්ථාවර පාත්රයෙකු රංගනය කලද නූර්ති වලදි එවැන්නෙක් නොවු අතර ඒ වෙනුවට මෙම කවට චරිතය ආදේශ කලා විය හැක. පොතේ ගුරුගේ කාර්යය නම් නාට්‍යයේ නොපෙන්වන කොටස් ප්‍රෙක්ෂකයාට දැනුම් දීමයි නුර්ති කවටයා යොදා ගත්තේ ප්‍රෙක්ෂකයාට හාස්‍ය රසයක් ජනිත කරවිමට විය හැක.
නූර්ති ගැන කතා කිරිමේදි එතෙක් පැවති ගැමි නාට්‍යවලින් වෙනස් වන ලක්ෂණ ඇති බව පැහැදිලිය. එමෙන්ම මෙයටම ආවේනිකවු තවත් සූවිශේෂි ලක්ෂණ කිහිපයක් ඔබගේ දැන ගැනීම පිණිස මතුවට සදහන් කරමි.
අප නාට්‍ය කලාව තුළ සංවිධානාත්මක පිටපතක් අපට මුලින්මබ හමු වන්නේ මෙම නූර්ති නාට්‍ය කලාව තුළය. නාඩගම් වලද නාට්‍ය පිටපතක් තිබුනද නූර්ති පිටපත එයට වඩා සංවිධානාත්මක බවින් පොහෝසත් විය.
තවද අප දේශිය ගැමි නාට්‍ය තුළ යම් ඒකාකාරී බවක් දැක්වු සංගීතයක් භාවිත වු අතර නූර්තියේදි මෙය වෙනස් විය එනමි නූර්ති සදහා කර්ණ රසායන රාග තාල ඇතුළත් උත්තර භාරතීය සංගීතය යොදා ගන්නා ලදි. මේවා කෙතරම් ජනප්‍රිය වීද යත් එකල කුඩා ළමුන් පවා මෙම ගීත කට පාඩමින් ගැයූ බව සදහන් වෙයි.
සාමාන්‍යයෙන් නාඩගම් රාත්‍රියේ ආරම්භ වී පසුදා පහන් වන තුරුම පෙන්වන ලදි. නමුත් නූර්ති නාට්‍ය දර්ශනයක් පැය 3කට පමණක් සීමාවු අතර ක්‍රමයෙන් කාර්යය බහුල වෙමින් පැවති සමාජයට මෙය අස්වැසිල්ලක් වු නිසා ජනයා මේ කරා ඇදී එන්නට විය.
නාට්‍ය ගැන කතා කිරිමේදි රංඟ ආලෝකය ගැන නම් කතා නොකරම බැරිතරම්ය මන්ද යත් රංඟ ආලොකය ඒතරම්ම මෙහෙයක් නාට්‍ය සඳහා ඉටුකරන බැවිනි. සොකරි,කොළම්,නාඩගම් වලදි රංඟාලෝකය එතරම් ප්‍රබල නොවීය ඒ සදහා භාවිත කරනු ලැබුවේ පන්දම් ආදි ආලොකන ක්‍රමෝපායන්ය. නූර්ති නාට්‍ය තුළදි මේ තතත්වය වෙනස් විය ඒ සදහා සූවීශේෂි නවීන රංගාලොකන ක්‍රම භාවිත කරන ලදි.
අප නාට්‍ය කලා ඉතිහාසය තුළ සූවිශේෂි සංධිස්ථානයක් සටහන් කල නූර්ති නාට්‍ය කාලාව ආරම්භ වී විකාශනය වන්නේ මේ ආකාරයටය.

mulinma dala tiyana picture 1ka nam lassanai
ReplyDeletegood letter
ReplyDelete